දකුණු ආසියා කලාපයේ පිහිටීම හා භූ දර්ශනය පිළිබද අධ්‍යනය කිරිම.

දල වශයෙන් සමකයේ සිට අක්ෂාන්ශ (0)▫ සිට උතුරු අක්ෂාංශ (38)▫ දක්වාත් නැගෙනහිර දේශාංශ (60/100)▫ දක්වාත් පරාසයක විහිදේ. පෘථුවිතලයෙන් 3% භූමි ප්‍රදේශයක් මෙම කලාපයට අයත් වේ.

දකුණු ආසියා කලාපයට ඉන්දියාව පකිස්ථානය නේපාලය බංගලාදේශය, බූතානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව අයත් වේ. නිකොබාර් දුපත් හා අන්දමන් දූපත් ද දකුණු ආසියානු භූගෝලීය ප්‍රදේශයට අයත් වේ. ඇෆ්ගනිස්ථානය සාර්ක් සංවිධානයට ඇතුල කර ඇතත් එම රට මධ්‍යම ආසියාවට අයත් වේ.

සමකයට උතුරින් පිහිටා ඇති දකුණු ඇසිය කලාපයේ පවතින්නේ නිවර්තන දේශගුණයකි සමහර රටවල් ධිගු වෙරල තිරයකින් වටවී ඇති අතර නේපාලයට හා භූතානයට වෙරතිරයක් හිමි නැත.  දකුණු ආසියා කලාපයේ විවිධ භුදර්ශන හා සුවිශේෂී ලක්ෂණ මුල් කරගෙන කොටස් 6කට බෙදා ඇත.
  1. කදුකර භුදර්ශනය 
  2. නිම්න භුදර්ශනය 
  3. වෙරළබඩ භුදර්ශනය 
  4. ග්‍රාමීය භුදර්ශනය 
  5. කාර්මික නාගරික භුදර්ශනය 
  6. කාන්තාර භුදර්ශනය ලෙස නම් කර ඇත. 

  • කදුකර භුදර්ශනය 
                        
                        දකුණු ආසියානු කලාපයේ මාලදිවයින හැර අනිත් සෑම රටකම කදුකර භුදර්ශනයට අයත් ලක්ෂණ දක්නට ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාව, පකිස්ථානය වැනි රටවල විවිද උසින් යුතු කදු පන්තීන් දැකිය හැකි අතර විවිධ වූ භුදර්ශන ද දැකිය හැකීය. එනම් 
                                
                                ඉන්දියාව - හිමාලය වැටිය 
                                පකිස්ථානය - හින්දුකුෂ් , සුලයිමන් වැටි 
                                ශ්‍රී ලංකාව - මධ්‍යම කදුකරය මීට උදාහරණ වේ. 
හිමාලය කදුකරයේ භුදර්ශනය පිළිබද අධ්‍යනය කිරිම මෙහි අරමුණ වේ . 

මහා හිමාලය වැටියට කුල්ලුන්ශාන් හිමාලය සහ කර කොරම් කදුවැටි අයත් වේ. මෙහි කදු  නේරු , ගැබුරු , ගන්දෝරු , දුර්ග , උස්බිම් , සානු සහ කපොලු අඩිය දක්නට ලැබෙයි.
මේ කදුපන්තිය 800M උසට සහ 2500KM තරම් ප්‍රදේශයක පැතිර ඇත.  ලොව උස කදු මුදුන් 14න්  9ම මෙම භූධර්ෂණ තුල දැකිය හැකිය. මෙම කදුකර භූදර්ශනයේ ඌනතා අංශය වෙඩි වන විට සිත වන අතර උනත අංශය අඩුවන විට තෙත් ගතිය වැඩිය. එය තුල හිම මුදුන එවරස්ට් කදු මුදුන මෙන්ම උණුසුම් දේශගුණ ලක්ෂණ නේපාලයේ ටෙරස්හි නිම්නය වැනි ප්‍රදේශ වල ඇත. ඌනතා අංශය අනුව දේශගුනයද වෙනස් වේ. කදු වලින් වට වූ ප්‍රදේශ වියලි දේශගුණ තත්ත්ව පෙන්නුම් කරයි. 

හිමාලය කදුකරයේ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් ගෝත්‍රික ජන වර්ග කීපයකි.
බූටිය, කසා, දරඩි, ශේරපා වැනි  අය වැදගත්ය. මෙම කදුකර තුල විවිධ ආගම්  හා විවිද සංස්කෘති වේ. හිම සහිත ප්‍රදේශ වල විනෝදාත්මක ජිවන රටාවක් ඇත. කදු නැගීම හිම ක්‍රීඩාව සංචාරක කර්මාන්තයද මොව්න්ගේ විනෝදාත්මක ක්‍රීඩා වේ.     මොවුන්ගේ ශාරීරික ලක්ෂණ නම් කදු නැගීමට හැකිවන ලෙස පැතලි සහිත පුළුන් පතුල සහිත පාද බර ඉසිලීමට හැකි ලෙස ශක්තිමත් භාහු අඩු ඔක්සිජෙන් වායුවෙන් ජිවත් විය හැකි ලෙසින් පෙනහළුද පිහිට තිබීම විශේෂත්වයකි. 

කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය මෙහි ප්‍රධාන ජිවන රටාව වේ. බැටළුවන් ඇති කිරීම සංචාරක කර්මාන්තයද කරනු ලැබේ. ගවයන් බැටළුවන් ඇතිකරන අතර කදුනගින යට මග පෙන්වීම බණ්ඩ අලවි කිරිම සංචාරක කර්මාන්තය තුලින් සිදුවේ.
නිවාස ඉදිකර ඇත්තේ කදුකර ප්‍රදේශ සොයා ගත හැකි ගල්. ලී කුඩු, මැටි, ලි දඩු උපයෝගී කරගෙනය. වහලය සෙවිලි කිරීමට තරුණ විශේෂ බවිත කර ඇත . නිවාස සැදීමේදී භූ විෂමතාවට ඔරොත්තු දෙන අයුරින්  නිවාස ඉදිකර ඇත. 

වී, තිරිගු, ඉරිගු, මුං ඇට ධාන්‍ය සහ එළවලු කෘෂිකර්ම බෝග අතර ප්‍රධාන වේ. වනාන්තරයේ වැවෙන අල වර්ග මී පැණි හා සතුන් දඩයම මගින් ගන්න මස් වර්ග බවිත කෙරේ.     


  • නිම්න භුදර්ශනය 
              
                           දකුණු ආසියානු කලාපයේ සුවිශේෂී නිම්න භුදර්ෂණ ලෙස 
  1. ඉන්දියාවේ ගංගා නම් නිම්නය
  2.  පකිස්ථානයේ සිංදු නිම්නය
  3. ශ්‍රී ලංකාවේ මහවෙලි හා කැළණි ගං නිම්න දැක්විය හැකිය.
                    මෙම කලාපයේ විශාලතම ගඟ නිම්නය නම් ගඟ නම් ගග ආශ්‍රිත භූ දර්ශනයයි. හිමාල කදුකරයෙන් ආරම්බ වන ගංගා නම් ගග 2510KM දුර ගෙවා බෙංගාල බොක්කට ගල බසී. මෙම ගග දිගේ පහලට ගමන් කරන විට විවිද භූ රුප ලෙස රැලි බිම් හැඩ පලු ගංගා ගං දගර තැනිබිම් පීටාර තැනි වැලිතලා හා පළල් ගංගා නිම්න අතර වැදගත් වේ. මෙහි තැනිතලා ප්‍රදේශයේ රැලි බිම් ලක්ෂණ වැඩියෙන් ඇත.200ට වැඩි උස්බිම් කුඩා ප්‍රමාණයක් ඇත.හින්දු බෞද්ද හා වෙනත් ආගම වල පුජනිය ස්ථාන රාශියක් මෙම ගඟ නිම්නයේ පිහිට ඇත.   හින්දු බැතිමතුන්ගේ ශුද්ද වූ ගංගා නදිය වන්නේ මෙයයි.මෙහි ප්‍රදනතම මනුෂ ක්‍රියාකාරකම වන්නේ කෘෂිකර්මයයි. සාරවත් දියුණු පසක් ඇති නිසා නිම්නය පුරා කෘෂිබෝග අතර වී තිරිගු උක් ප්‍රදාන ලෙස වගා කරයි. ගැබුරැ ලිං මගින්  ජාල සම්පාදනය කර   කපු උක් වැනි කාර්මික බෝග වග කරයි. මෙහි විශාල වශයෙන් වී තිරිගු වග බිම් ඇති අතර ඉන් ඉහල අස්වැන්නක් ලබාගන්න අතර ගඟ නදියේ පහල ඩෙල්ටා ප්‍රදේශයේ පිහිටි බංගලා දේශයේ සුන්දරබාන් වගුරු බිම් ආශ්‍රිතව ප්‍රදාන වගාව ජුට් ය. ජුට් වගාව රන්කේදී නමින් හදුන් වන්නේ  එහි වැදගත් කම අර්ථවත් කිරීමටයි.   දිල්ලිය, පැට්නා, අග්‍රා,වරනාසි,කොල්කටා,ඩැකා  ආදී ප්‍රදාන නගර ආශ්‍රිතව කර්මාන්ත වියප්තව ඇති අතර මෙහි කෘෂිකර්මය හා කර්මාන්ත දියුණු වී ඇත.
මෙහි ජන අදික නගර ලෙස දිල්ලිය, කාන්පූර්, පැට්න,කොල්කටා ලෙස හදුනාගත හැක.මෙහි ප්‍රදේශ පුරා පැතිරුණු මාර්ග ජාලයක් ඇති අතර මගී හා බාන්ඩ  ප්‍රවාහනයේදී බස්රථ, දුම්රිය හා ලොරි රථ බහුලව යොදාගනී. මෙම ප්‍රදේශපුරා වියපත වූ විශාල වාණිජ මජ්ජස්ඨාන රාශියක් දක්නට ඇත.
        
  • වෙරළබඩ භුදර්ශනය 

                        දකුණු ආසියාව දිගු වෙරල තිරයක් හිමි කලාපයකි. එම කලාපයේ නේපාලය, බූතානය හැරුණු විට අනෙක් සේම රටකටම වෙරල තිරයක් හිමිය. ශ්‍රී ලංකාව දුපත් රජයක් බැවින් රටවටා වෙරල තිරයක් ඇත. මේ අතර ශ්‍රී  ලංකාව   මාලදිවයින් රාජ්‍ය වල වෙරල බඩ  බූ දර්ශණ කැපී පෙනේ. වෙරළබඩ බූ දර්ශනයේ කැපී පෙනෙන බව්තික ලක්ෂණ අතර වැලිපර කලපු බොකු තුඩු කොරල්පර කඩොලාන අඩිය දැකිය හැකි වේ. මාලදිවයින් රාජ්‍ය කොරල්පර හා ඇතළු වලින් සැදී දුපත් 1200ටවද්දී සන්කයවකින් සමන්විතය.මේ අතර දුපත් 200ක පමණ ජනය වාසය කරයි. ශ්‍රී ලංකාව මාලදිවයින් රාජ්‍යවල වෙරල තිරයේ ඇති කදොතොලු සහිත බව හා නොගබුරු පටු මුහුදු තිරය දිවාර කටයුතු වලට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම. 

මලදිවෛනේ සංචාරක වියාපාරය දියුණු වීමට බලාපෙ හේතු ලෙස විශේෂ සංචාරක ආකර්ෂණ කලාප ලෙස ශි ලංකාවේ දක්ෂිණ මුහුදු තිරය හා නැගෙනහිර වෙරල තිරය වැනි ප්‍රදේශ වැදගත් වෙ.ශ්‍රී ලංකාවට වටා අනෙකුත් ප්‍රදේශ වල ද   සංචාරක ව්‍යාපාරය yඋණු කිරීමට පහසුකම් සපයා ඇත.

        •   සංචාරක ප්‍රදේශ ආශ්‍රිත රැකියා           
  1. හෝටල් ආශ්‍රිත රැකියා   
  2. විසුතුරු බාන්ඩ ඇලවිය
  3. ආයුර්වේද මද්‍යස්ථාන 
  4. සංචාරක මගපෙන්වන්නන් 
  5. වෙළදාම 
  6. වරාය ආශ්‍රිත රැකියා          
ඊට නිදසුන් ලෙස කොළබ, ගාල්ල, මීගමුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට නිදසුන් වේ.වෙරල බූ දර්ශනය තුල ජිව විවිදත්වය ඉහල මට්ටමක පවතී. කදොලන් තෙත්බිම් හා වගුරු ඒ අතර අසුවිශේෂී පරිසර පදිදති වේ. එහි ශාක විශේෂ, උරග විශේෂ  පක්ෂි විශේෂ, මත්ස්‍ය විශේෂ ආදී විවිදත්ව අපට පෙන්වාදිය හැකිය. මනුෂ ක්‍රියාකාරකම් නිසා පාරිසරික ගැටළු ඇතිවේ. මෙම ප්‍රදේශ වල අනවසර ඉදිකිරීම් හිරිගල් කැඩීම, වැනි පාරිසරික ගැටළු ඇතිවේ. එහි ප්‍රතිපල ලෙස වෙරල කදනය, පරිසර දුෂණය මෙන්ම විවිද අපචාර ක්‍රියා වැඩිවීමද මෙම අහිත කර මනුෂ ක්‍රියාකාරකම් තුලින් පෙන්වා දිය හැකිය.      
     
  • ග්‍රාමීය භුදර්ශනය    

            දකුණු ආසියාවේ බහුලව දක්නට ඇත්තේ ග්‍රාමීය භූ දර්ශනයයි. එයට හොදම නිදර්ශනය නම් ශ්‍රී ලංකවෙ වියලි කලාපයේ ග්‍රාමීය බුදර්ශනය හොදම නිදර්ශනයකි. කෘෂිකර්මාන්තය ධිවර කර්මාන්තය පදනම් කරගත් මෙම භූ දර්ශන තුල ජන ගණත්වය අඩුය. ජනාවාස විවිද රට අනුව හැඩගැසී ඇත. කෘෂිකර්මාන්තය නිෂ්පාදනය කරගත් කර්මන්තඩ් ඇත.. වියලි කලාපයේ රැලි බිම් සහිත විශාල තනි තල වල කෘෂි කර්මාන්තය ප්‍රදාන ආර්ථික ක්‍රියාකාරකම වන අතර එහි ප්‍රදාන බෝගය වී වගාව වේ. වී වගාව සිදුකල නොහැකි උස බිම් වල හේන් වගාව සිදුකෙරේ. හේන්වල ධාන්‍ය  වර්ග එළවලු පලතුරු ආදිය වගාකරනු ලැබේ.  සත්ව පාලනය ද සිදුකරනුලබන අතර ගවය කිරි ආහාර ලබාගැනීමටත් ගොවිතැන් කිරීමටත්  යොදාගනු ලැබේ. ව්‍යාපාර ආශ්‍රිත නගර ඉදිවීම නිසා ග්‍රාමීය භූ දර්ශන වෙනස් වෙමින් පවතී. ගල් ඔය උඩවලව මහා ඔය වැනි සංවර්දන ව්‍යාපාර අරාබ ඇත්තේ වියලි කලාපයේ ය. ශ්‍රී ලංකාවේ අනුරපුරය, පොලොන්නරුව වැනි පව්රනික නගර රාශියක් මෙම කලාපයේ පිහිට ඇත.    
           

  • කාර්මික හා නාගරික භුදර්ශනය 

                දකුණු ආසියානු කලාපයේ  බෞතික භූ දඩ්ර්ශන තුල කාර්මික හා වාණිජ ක්‍රියාකාරකම් ආශ්‍රිත නාගරික භූ දර්ශන නිර්මන්යව ඇත. මෙය මිනිසා විසින් ඉදිකරන ලද  මාර්ග ජාල සන්නිවේදන ජාල මද්‍යස්ථාන හා පරිපාලන මද්‍යස්ථාන ඉදිකර ප්‍රදේශ බහුලය. දකුණු ආසියාවේ බොම්බයි දිල්ලිය චෙන්නායි කොල්කටා ස්ලාමාබාත් කරච්චිය,කොලඔ මෙවැනි නගර වේ. 


  • කාර්මික හා නාගරික භූ දර්ශනය පිලිබද අද්‍යනය කිරීමට ඉන්දියාවේ මොම්බයි නගරය තෝරාගනිමු ...


    • වෙරළබඩ තෙනිතල ප්‍රදේශයක පිහිටි මුම්බායි නගරය ස්වාබ්වික නගරයක් ලෙස වර්දනය වූ නගරයකි.මෙය ඉන්දියාවේ දෙවැනි විශාලතම නගරය වේ. 
    • අතිශය සීමිත භුමි ප්‍රමාණයක අදික ජනසන්කයාවක් වාසය කරති. 
    • කර්මාන්ත හා සේවා කටයුතු වර්දනය වී තිබේ.
    • නිවාස ගණත්වය අදිකය.බොහෝවිට සිරස්ව ව්‍යාප්තව ඇත.
    • සැලැස්මකින් තොරව ඉදි වූ අඩු පහසුකම් සහිත ජනවසද විශාල වශයෙන් ඇත. 
    • මිනිසුන්ගේ දෙයිනික  සංචලතාව ඉතා අදිකය. ලෝකයේ දෙවැනි විශාලතම සිනමා කර්මාන්තය පිහිටි ස්ථානය වන්නේද මොම්බයි නගරයයි. ඇමරිකාවේ හොලිවුඩ් පුරයට දෙවැනි මෙය බොලිවුඩ් නමින් ප්‍රචලිතය. මේ නගරයේ කපු කර්මාන්තය ද වර්දනය වේ. 
      • මොම්බයි නගරයේ හදුනාගත හැකි ගැටළු.  
        1. ඉඩම් හිගය 
        2. මාර්ග තදබදය 
        3. අඩු අදායම් ජනාවාස බහුල වීම 
        4. විදි ජනය බහුල වීම 
        5. පරිසර දුෂණය 
        6. අපචාර බහුල වීම.
මෙවැනි ගැටළු බහුල උවත්    අද්යාපන හා සේවා පහසුකම් බහුල වන අතර විවේකය හා විනෝදය සදහා ජනය ආදී ඒම බහුල වේ.                                                     


  • කාන්තාර භුදර්ශනය 
    • තාර් කාන්තාර භූ දර්ශනය 
                                ඉන්දු පකිස්තාන් දේශ සිමාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටා ඇති තර කාන්තාරය දකුනු ආසියානු භූ දර්ශනයේ කැපිපෙනෙන ලක්ෂණයකි. 
      • වැලිතලා සහිත පැතිරුණු භුමිය.
      • 250mm අඩු වර්ෂාව 
      • අදික වශ්පිකරණය පැවතීම 
      • අදික උෂ්ණත්වයක් පැවතීම 
      • දැඩි උෂ්ණත්ව නිසා පවත්නා වියලි සුළං 
      • පසේ තෙතමනය ඉතා අඩු වීම. කාන්තාර හු දර්ශනයේ විශේෂ ලක්ෂණ කීපයකි. 
පැතිරුණු බුගත ජලය ඇත,ශාක වර්ග ගබුරට මුල් විහිදමින් වැඩේ. ළිං  බෝග වග කරයි  ඒවා ක්ෂේම භුමි ලෙස හදුන්වයි. මෙම ක්ෂේම භුමි ආශ්‍රිතව උක් කපු මිලටි වැනි බෝග වග කරති. සත්ව පාලනය ප්‍රදාන ආර්ථික කටයුත්තකි. භාණ්ඩ ප්‍රවාහනයට ඔටුවන් යොදාගනී. මිනිසුන් කපු ඇදුම් බාවිතා කරයි. මිනිසා අවදිමත් අයුරින් වග කිරීම නිසා කාන්තාර පැතිරෙන බව පෙනේ. සත්ව පාලනය සදහා අධික තෘන බාවිතය නිසා භුමිය නිසරු වී ඇත. 

    

Comments